ස්ටොන්හෙජ් (Stonehenge)


ස්ටොන්හෙජ් (Stonehenge) යනු එංගලන්තයේ විල්ට්ෂයර්හි (Wiltshire) පිහිට ඇතිප්‍රාග් ඓතිහාසික ස්මාරකයකි. එංගලන්තයේ නියොලිතික් යුගයට හා ලෝකඩ යුගයට අයත් අඩි 13 ක් (මීටර 4.0) පමණ උස, අඩි හතක් (මීටර් 2.1) පළල සහ ටොන් 25 ක් පමණ බරැති පාෂාණ වළල්ලකින් එය සමන්විත වේ. පුරාවිද්‍යාඥන් විශ්වාස කරන්නේ එය ක්‍රි.පූ 3000 සිට ක්‍රි.පූ 2000 දක්වා ඉදිකර ඇති බවයි.



මෙම ස්මාරකය ඉදිකිරීමේ අරමුණ පිළිබඳ විවිධ මත ඇත. ආගමික සිද්ධස්ථානයක් ලෙස ඉදිකර ඇති බව ප්‍රධාන වශයෙන් විද්වතුන් පිළිගන්නා මතයයි. මෙම ස්ථානයෙන් ආදාහනය කළ මළසිරුරු කොටස් සොයාගෙන ඇත. ඒ අනුව මෙම ස්ථානය සුසාන භූමියක් ලෙස භාවිත කර ඇති බවටත් මතයක් ඇත.
 සර් නෝමන් ලෝක්යර්, ජෙරල්ඩ් හොකින්ස්, වැනි අය මෙම ස්මාරකය හා තාරකා විද්‍යාව අතර සමබන්ධයක් ඇති බවට මත පලකර ඇත.



ස්ටෝන්හෙන්ජ් බ්‍රිතාන්‍ය සංස්කෘතික නිරූපකයක් ලෙස සැලකේ.  1882 සිට එය නීත්‍යානුකූලව ආරක්ෂා කිරීමට කටයුතු කර ඇත. මෙම ස්මාරකය සහ එහි වටපිටාව 1986 දී යුනෙස්කෝවේ ලෝක උරුම ලැයිස්තුවට එකතු කරන ලදී.
   


 



Post a Comment

0 Comments