01 ඉතිහාසය හැඳින්වීම

ඉතිහාසය යනු

අතීත කාලයේ ජීවත් වූ මිනිසුන් ගැන තොරතුරු සොයා බලා ඒවා පැහැදිලි කිරීමයි.

අතීතය යනු ගෙවී ගිය කාලයයි.ගෙවීගිය දීර්ඝ කාලය තුළ මිනිසා ලෝකයේ විවිධ ප්‍රදේශ වල, ජීවත් වීමට සුදුසු ලෙස පරිසර සකස් කර ගනිමින්, එකිනෙකා සමඟ කල් ගත කරමින් ජීවත් වූහ.
එකී සිදුවීම් විස්තර කරන කතාව ඉතිහාසයයි.

ඉතිහාසයේ පියා - හෙරඩෝටස්(Herodotus)  - ක්‍රි.පූ.484 - ක්‍රි.පූ. 425

මූලාශ්‍රය යනු.

‍‍                 ඉතිහාසය පිළිබඳ දැනුම ලබා ගැනීමට උපයෝගී වන සියලු දේ මූලාශ්‍රය යනුවෙන් පොදුවේ හැඳින්වේ. ගෙවී ගිය කාලයේ සිදුවීම් දැන ගැනීමට මූලාශ්‍රය උදව් වේ.
මූලාශ්‍රය කොටස් දෙකකට බෙදේ.

  • සාහිත්‍යමය මූලාශ්‍රය.

            අතීතයෙ ලියන ලද පොත් පත්ලිපි ලේඛනජන කතාජන කවි ආදිය.
            උදා - මහාවංසය. දීපවංසයරාජාවලිය.
  • පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය.

            පැරණි කාලයේ මිනිසා භාවිත කළ ද්‍රව්‍ය හා මෙවලම්පැරණි ගොඩනැගිලිකාසි හා නටබුන් ආදියයි.
            උදා - පොළොන්නරු ගල් විහාරයබදුලු ටැම් ලිපියපැරණි චීන කාසිමිනිස් ඇටකටු.

බදුලු ටැම් ලිපිය

චීන කාසි

පොළොන්නරු ගල් විහාරය
ඉතිහාසය ඉගෙනීමේ ප්‍රයෝජන.
ü  අතීතය ආශ්‍රයෙන් වර්තමානය තේරුම්‍ ගෙන අනාගතය ගොඩනගා ගැනීමට උපකාරී වේ.
ü  තමා ජීවත් වන සමාජය හා ලෝකය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලැබේ.
ü  විවේචනාත්මක චින්තනය වර්ධනය වේ.
ü  කාලය හා අවකාශය පිළිබඳ අදහස් වර්ධනය වේ.
ü  ජාතික අනන්‍යතාව හඳුනාගැනීමට හැකි වේ.

ඉතිහාසයේ කාලය මැනීම.


            ඉතිහාසය යනු දිගු කාලයකි. එබැවින් එය නිවැරදිව මැනගැනීම ඉතිහාසය ඉගෙනීමට අවශ්‍ය වේ. ඒ සඳහා භාවිත වන වර්ෂ ක්‍රම කිහිපයක් ඇත.

  1. ක්‍රිස්තු පූර්ව / ක්‍රිස්තු වර්ෂ
  2. බුද්ධ වර්ෂ
  3.   ශක වර්ෂ
  4. හිජ්රි වර්ෂ

1. ක්‍රිස්තු පූර්ව හා ක්‍රිස්තු වර්ෂ

  • Ø  ක්‍රිස්තු වර්ෂ ක්‍රමය ඉතිහාසය මැන ගැනීම සඳහා  සුලභව භාවිත වන ක්‍රමයකි. ක්‍රිස්තුස් වහන්සේගේ උපත පදනම් කරගනිමින් මෙම ක්‍රමය සකස් කර ඇත.
  • Ø  ක්‍රිස්තුස් වහන්සේ ගේ උපතට පෙර අවදිය ක්‍රිස්තු පූ‍ර්ව ලෙසද, ක්‍රිස්තුස් වහන්සේගේ උපතට පසු අවදිය ක්‍රිස්තු වර්ෂ ලෙසද හඳුන්වනු ලැබේ.
  • Ø  ක්‍රිස්තු පූර්ව වර්ෂ ක්‍රමය අවරෝහණ ක්‍රමයෙන් ගණනය කරනු ලබයි. ක්‍රිස්තු වර්ෂ ක්‍රමය ආරෝහණ ක්‍රමයෙන් ගණනය කරනු ලබයි.


             උදා - මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩියේ ක්‍රිස්තු උප්පත්තියට වසර දෙසිය පනහකට පෙරය.             එබැවින් එම සිදුවීම ක්‍රිස්තු පූර්ව 250ට අයත්ය. මහසෙන් රජු ජීවත් වූයේ ක්‍රිස්තු උප්පත්තියෙන් වසර දෙසිය හැත්තෑ හතරකට පසුය. එබැවින් එම සිදුවීම ක්‍රිස්තු වර්ෂ 274 ට අයත්ය.

2. බුද්ධ වර්ෂ

  • Ø  මෙම වර්ෂ ක්‍රමය ආරම්භ වන්නේ බුදුන් වහන්සේගේ පරිනිර්වානය වූ දින සිටය. බුද්ධ පරිනිර්වානය වූ දිනය පිළිබඳ විවිධ මත තිබුනද එය ක්‍රි.පූ.544 දී සිදුවූ බව බොහෝදෙනා පිළිගනී.


3. ශක වර්ෂ

  • Ø  ශක වර්ෂ ක්‍රමය හින්දු දින දර්ශනයකි.
  • Ø  එහි ආරම්භය පිළිබඳ සොයා බලන විට බටහිර ඉන්දියාවේ ප්‍රදේශ පාලනය කළ ගෞතමී පුත්‍ර සාතකර්ණී රජු මෙම වර්ෂ ක්‍රමය ආම්භ කළ බව සඳහන් වේ.
  • Ø  ඒ ඔහු විසින් ශක වරු පරදා එම ප්‍රදේශ ජයග්‍රහණය කිරීම සිහිකරනු පිණිසය. ඒ ක්‍රි.ව. 78 දීය.


4. හිජ්රි වර්ෂ

  • Ø  හිජරි වර්ෂ ක්‍රමය මුස්ලිම් වරුන්ගේ වර්ෂ ක්‍රමයකි.
  • Ø  ඔවුන් සිය ආගමික කටයුතු වලදී මෙම ක්‍රමය බහුලව යොදා ගනී.
  • Ø  ඉස්ලාම් ආගමේ නායකයා වූ මහම්මත්තුමා මක්කම සිට මදීනා නගරයට පැමිණි වර්ෂයේ සිට මෙම වර්ෂ ක්‍රමය ආරම්භ වේ. ඒ ක්‍රි.ව. 622 දීය


මීට අමතරව පුරාවිද්‍යාත්මක සොයාගැනීම් අයත් කාලවකවානු දැනගැනීම පිණිස කාබන් 14 (C14) පරීක්ෂණ ක්‍රමය යොදාගනී.

ඓතිහාසික සිදුවීම
ක්‍රිස්තු වර්ෂ
බුද්ධ වර්ෂ
බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය
ක්‍රි.පූ. 544
බු.ව. 01
ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය
ක්‍රි.ව. 01
බු.ව. 544
වසභ රජුගේ රාජ්‍ය කාලය ආරම්භ වීම
ක්‍රි.ව. 67
බු.ව. 611
මහසෙන් රජුගේ රාජ්‍ය කාලය ආරම්භ වීම
ක්‍රි.ව. 274
බු.ව. 818
ශ්‍රී ලංකාවට නිදහස ලැබීම
ක්‍රි.ව. 1948
බු.ව. 2492
   

Post a Comment

0 Comments