02 ආදි මිනිසා


පෘථිවිය සහ ජීවය ඇති වීම.




  • අවුරුදු දශලක්ෂ හාරදහස් පන්සිය හතළිහකට පමණ පෙර පෘථිවිය බිහිවන්න ඇත. පෘථිවියේ බිහිවීම පිළිබඳ විවිධ මත ඇති අතර දූවිලි වලාකුළකින් එය කිර්මාණය වූ බව බහුතර මතයයි. එම දූවිලි වලාවන් නිහාරිකා නැත්නම් නෙබියුලා (nebula)” යන නමින් හැඳින්වේ.





නිහාරිකාවක් හෙවත් නෙබියුලාවක්

  • ආරම්භයේදී පෘථිවිය අධික උණුසුමකින් යුක්ත වු අතර පසුව එය ක්‍රමයෙන් සිසිල් වී ඇති පමුත් පෘථිවිය අභ්‍යන්තරයේ තවම සෙල්සියස් අංශක 6000 ක පමණ දැඩි උණුසුමකින් යුක්ත ය. ගිණි කඳු පුපුරා යාමේදී පිටවන්නේ එසේ උණුසුම්ව පවතින ලාවාය.
  • පෘථිවිය බිහිවී කලක් ගතවනතුරු එහි ජීවය ඇති නොවී ය. අවුරුදු දශලක්ෂ දෙදහස් පන්සියයකට ඉහතදී ඇසට නොපෙනන තරම් කුඩා ප්‍රොකායෝට් නම් බැක්ටීරියාව පෘථිවිය මත ඇති වූ පළමු ජීවය සහිත දෙය යි.
    ප්‍රොකායෝට් බැක්ටීරීයාව
  • කැනඩාවෙන් මීට අවුරුදු දශලක්ෂ පන්සිය හතළිස් දෙකකට  පෙර ජීවත් වූ සත්ත්වයෙත් පිළිබඳ සාධක සොයාගෙන ඇත. සෙන්ටිමීටර් 4 7 අතර දිගින් යුක්ත වූ මෙම සත්ත්වයා මුහුදු පතුලේ ජීවත් වී ඇත. මුඛයක් හා ඇස් පහකින් යුක්ත මෙම ජීවියා ඔපබීනියානම් විය.
  • ඔපබීනියා

    කැනඩාවෙන් සොයාගත් ඔපබීනියා සත්ත්වයාගේ සලකුණ
  • ජලයේ ඇරඹි ජීවය ගොඩබිමද ආක්‍රමණය කරන්නට විය. අවරුදු දශලක්ෂ පන්සිය හතළිස් දෙකකට පෙර මුලින්ම ගොඩ බිම පැතිර ගියේ ශාක වර්ග යි. එම යුගය පැලියොසොයික යුගය නම් විය.
  • අවුරුදු දශලක්ෂ හාරසිය විස්සකට ඉහතදී පාද කිහිපයක් සහිත සතුන් ගොඩබිම ඇවිද යන්නට විය. එම යුගය සිලුරියන් යුගය නම් විය.

මිනිසා බිහිවීම

  • අවුරුදු දශලක්ෂ දෙකහමාරකට පමණ පෙර අධික ශීත කාලගුණයකින් යුක්ත මහා හිම යුගය නම් කාලවකවානුවක් පැවතුණි. අධික ශීත කාලගුණය අතර කෙටි උණුසුම් කාලද තිබී ඇත. එවැනි දිගු ශීත කාල හතරක් හා කෙටි උණුසුම් කාල හතරක් මහා හිම යුගය තුළ විය. මැමත් අලි ජීවත් වූයේද මෙම යුගයේ ය.
    මහා හිම යුගය
  • මහා හිම යුගයේ පැවති දේශගුණය හේතුවෙන් වානර පරම්පරාවකින් මානව ‍පරම්පරාවක් බිහි වූ අතර එම ක්‍රියාවලිය මානව පරිණාමයනම් විය.
  • මානවයින් උපකරණ භාවිත කිරීමට හුරුවීම වානරයින්ගෙන් වෙන්කොට දැක්විය හැකි ලක්ෂණයක් විය. ජලය ගලායන ස්ථානවල ඇති රවුම් ගල් එකතු කොට අහාරයට ගැනීමට ඇට වර්ග තලා ගැනීම වැනි කාර්යයන් සඳහා යොදාගෙන ඇත.

මානව පරිණාමයේ අවධීන්.

ඔස්ට්‍රලෝපිතිකස්


කැණීම් වලින් සොයාගත් ඔස්ට්‍රලෝපිතිකස් හිස් කබලක් හා ඒ ආශ්‍රයේ තැනූ රූපයක්

  • මීට අවුරුදු දස ලක්ෂ 3.8 කට ඉහත දී වාසය කර ඇත.
  • මිනිසකු වීමට නැඹුරුතාවක් ඇතිකළ පළමු වානරයා වේ.
  • පාද දෙකෙන් ඇවිද යෑමේ හැකියාව තිබී ඇත.


හෝමෝහැබිලස් (හැකි මිනිසා)

හෝමෝහැබිලස් මානවයාගේ ප්‍රතිනිර්මාණය කළ රුවක්

කැණීම් වලින් සොයාගත් හෝමෝහැබිලස් මානවයාගේ හිස්කබලක්

  • වසර දශලක්ෂ 2.3 1.4  ට පෙර කාලයේ ඔහු ජීවත්ව ඇත.
  • ගලින් තැනූ මෙවලම් දියුණු කිරීමට උත්සහ කර ඇත.
  • ගලකින් ගලකට ගසා ඉන් පතුරක් කඩා ඉවත් කොට මුවහත සාදා ගැනීම එහි පළමු පියවර ලෙස සිදුකර ඇත.


හෝමෝඉරෙක්ටස්

හෝමෝඉරෙක්ටස් මානවයාගේ ප්‍රතිනිර්මාණය කළ රුවක්

කැණීම් වලින් සොයාගත් හෝමෝඉරෙක්ටස් මානවයාගේ හිස්කබලක්

  • මීට අවුරුදු දශලක්ෂ එක්දහස් අටසියයකට පෙර ජීවත්ව ඇත.
  • පළමු වරට ගින්දර සොයාගත් මානව වර්ගය වේ.
  • ඊශ්‍රායලයෙන් පළමු වරට මීට අවුරුදු හත්ලක්ෂ අනූ දහසකට පෙර ගින්දර භාවිත කළ බවට සාධක ලැබේ.


හෝමෝනියැන්ඩතාලන්සිස්


හෝමෝනියැන්ඩතාලන්සිස් මානවයාගේ ප්‍රතිනිර්මාණය කළ රුවක්

කැණීම් වලින් සොයාගත් හෝමෝනියැන්ඩතාලෙන්සිස් මානවයාගේ හිස්කබලක්
  • ‍‍‍‍අවුරුදු හයලක්ශයකට පමණ පෙර ජීවත්ව ඇත.
  • විශාල සතුන්ගේ ඇටකටු භාවිතයෙන් නිවාස ඉදික‍ර ඇත.
  • එළවළු වර්ග පිස ආහාරයට ගෙන ඇත.
  • ඔහු ඉතා හොඳ දඩයක්කාරයෙක්ද වේ.


හෝමෝසාපියන්

  • වසර ලක්ෂයකට පමණ ඉහත දී අදහස් හුවමාරු කරගැනීමට භාෂාවක්ද, චිත්‍ර, නැටුම් , සංගීතය වැනි කලා කුසලතාවන්ද ඇති කරගෙන ඇත.
  • අප අයත් වන්නේද හෝමෝසාපියන් පවුලට ය. 


සංස්කෘතික දියුණුව.


  • ශරීර ස්වභාවය හා මොළය දියුණු කරගත් මිනිසා සිය ජීවන රටාවද වෙනස් කරගත්තේ ය. එය සංස්කෘතික වෙනස්වීම යනුවෙන් හැඳින්වේ.
  • ගල් මෙවලම් වල ස්වරූපය වෙනස්වීම අධ්‍යනය කිරීමේ දී සංස්කෘතික වෙනස්වීම හොඳින්ම දැක ගත හැක.

අවු‍රුදු දශලක්ෂ දෙකහමාරක පමණ කාලය තුළ මිනිසා සිය ජීවිතය හැඩගස්වා ගැනීමේ දී භාවිත කළ ගල් මෙවලම් දීර්ඝ කාලයක් තිස්සේ නොනැසී පැවතී ඇත. කාලයත් සමඟ ගල් මෙවලම්වල හැඩය, ප්‍රමාණය සහ කාර්යක්ෂමතාව දියුණුවට පත් වී ඇත. මෙවලම්වල ස්වභාවය අනුව මිනිසාගේ සංස්කෘතික දියුණුව ප්‍රධාන අවධි තුනකට බෙදේ.
  1. පුරාශිලා යුගය
  2. මධ්‍යශිලා යුගය
  3. නවශිලා යුගය

පුරාශිලා යුගය.


  • කණ්ඩායම් ලෙස තැන තැන කඳවුරු බැඳ ජීවත් වීමට පුරුදු බී සිට ඇත.
  • කණ්ඩායමකට සාමාජිකයන් 2030 අතර ප්‍රමාණවකින් යුක්ත පවුල් කිහිපයක් ඇතුළත් ව ඇත.
  • මියගිය ඥාතීන් වෙනුවෙන් අවමංගල්‍ය චාරිත්‍ර පවත්වා ඇත. එහිදී අනුගමනය කළ ප්‍රධාන කටයුත්තක් නම් ඇටසැකිලි මත ගුරුගල් භාවිතයෙන් වර්ණ ආලේප කිරීමයි.
  • ගුරුගල් නොමැති ප්‍රදේශ වල ජනතාව ගුරුගල් බහුල ප්‍රදේශ වල ජනතාවගෙන් ලබා ගැනීම නිසා භාණ්ඩ හුවමාරුව ආරම්භ විය.
  • ජනගහනය අවම විය.
  • දඩයමින් හා තැන තැන ඇවිද ආහාර එකතු කරගැනීම මගින්  ජීවත් වී ඇත.
  • අවසාන කාලයේ චිත්‍ර ඇඳීමටත් ගල් වලින් රෑප සකස් කිරීමටත් පුරුදු වූහ.


මධ්‍යශිලා යුගය.


  • පොදුවේ ගත් කල අදින් අවුරුදු 20,00018,000 අතර කාලයට පෙර ආරම්භ වී ඇත.
  • දඩයමින් හා අහාර එකතු කිරීමෙන් තවදුරටත් ජීවිකාව ගෙන ගොස් ඇති අතර ගස් වල ගෙඩි, කොල සහ අල වර්ග වැඩියෙන් ආහාරයට ගෙන ඇත.
  • දුනු ඊතල භාවිත කරමින් දඩයම් කර ඇත.
  • තැන තැන ඇවිද යාම වෙනුවට එක් තැනක වැඩි කාලයක් ගත කිරීමට හුරු පුරුදු වූ හ.
  • දැඩ දඬු හා කොල අතු යොදා ගනිමින් නිවාස ඉදිකරගත් හ.
  • වර්ණ යොදාගෙන ගල් පර්වත බිත්ති මත චිත්‍ර ඇඳ ඇත.
  • පුරාශිලා යුග‍යට වඩා මධ්‍ය ශිලා යුගයේ මිනිසා දියුණු වූ බවක් පෙනේ.


නවශිලා යුගය.



  • අදින් අවුරුදු නවදහසකට (9000) පමණ පෙර ආරම්භ වී ඇත.
  • තිරිඟු, බාර්ලී, වී, කුරක්කන් ආදි ධාන්‍ය වර්ග වගා කරමින්, ගොවි තැනට පුරුදු වීම එම යුගයේ කැපී පෙනෙන කටයුත්තකි.
  • සතුන් හීලෑ කරගනිමින් කිරි, බිත්තර, මස්, ලොම්, ආදී දේ ලබා ගැනීමට පෙලඹීම නිසා ‍සත්ත්ව පාලනයට යොමුවීම ද දැක ගත හැකි විය.
  • ලෝහ සොයාගැනීම සමඟ ගල් මෙවලම් වෙනුවට ලෝහ ආයුධ තනා ගැනීමට හැකි වී ඇත.
  • මධ්‍යශිලා යුගයේ එක් තැනක ජීවත් වීමට හුරුවීම වැඩිදියුණු වී ගම්මාන බිහි වීම මෙම යුගයේ සිදු විය.
  • ගොවිතැන් කටයුතු වල සහ සතුන්ගේ ආරක්ෂාව උදෙසා දෙවියන් ඇදහීමට හුරුවීමෙන් ආගමික කටයුතු වලට නැඹුරු විය.



නවශිලා යුගයේ සිදු වූ වැදගත්ම සිදු වීම්

  1. ගොවිතැනට හා සත්ත්ව පාලනයට හුරුවීම.
  2. ගම්මාන වල ජීවත් වීමට හුරුවීම.

දිර්ඝ කාලයක් ගොවිතැන් වල නිරත වීම නිසා ආහාර සුලභ වීමත් , එමගින් ඇතැම් දෙනාගේ වත් පොහොසත්කම් දියුණු වීමත් හේතු කොට ගෙන දුප්පත් පොහොසත් වෙනස ඇති විය.

ගොවිතැන ආරම්භ වීම.


අදින් වසර 12,000 කට පමණ ඉහතදී මහා හිම යුගයේ අවසානයේ ආරම්භය සිදු විය. ශීත දේශගුණය උණුසුම් බවට පත්වීමත් සමග ගස්වැල් සරුසාර ලෙස වැඩෙන්නට විය. සතුන්ට ආහාර සුලභ විය.  මෙම නව දේශගුණය ආරම්භ වූ අවධිය හොලෝසින යුගය නම් විය.
මෙම කාලයේදී ,

  • දඩයම වෙනුවට ගොවිතැනත් සත්ත්ව පාලනයත් ආරම්භ විය.
  • ලෝහ සොයා ගැනීම හා භාවිතය ආරම්භ විය.
  • එක් එක් රට වල විවිධ ධාන්‍ය වර්ග‍ වගා කර ඇත.
    • චීනය - වී (වසර 9 000 කට පෙර)
    • මධ්‍යධරණි ප්‍රදේශ - තිරිඟු (වසර 11 000 කට පෙර)
    • මධ්‍යම මෙක්සිකෝව - බඩ ඉරිඟු (වසර 5 000 කට පෙර)
  • පවුලේ සාමාජිකයන් එක්ව වාසය කිරීම නිසා නිවාස ද, පවුල් කිහිපයක් එක්ව වාසය කිරීම නිසා ගම්මානද බිහි විය. (ක්‍රි.පූ. 6 000 පමණ)
  • ලෝහ සොයාගැනීමට පෙර සිටම ගොවිතැනට අවශ්‍ය උපකරණ නිපදවීම හා ලෝහයෙන් එවැනි උපකරණ වඩා හොඳින් නිපදවීම.
    • ඊශ්‍රායලයේ ගල් ගුහාවකින් මැටියෙන් තැනූ කැත්තක් හමු වී ඇත.
  • මුල් කාලයේ මැටි බිත්ති වලින් සහ කොල අතු සෙවිලි කළ වහලින් යුක්ත වරිච්චි ගෙවල් ඉදිකර ඇත. සමහර රටවල බිත්ති සඳහා ලී දඬු යොදා ඇත.
  • අස්වැන්න නෙලාගත් පසු ලැබුණු වි‍වේකයේ දී වෙනත් කාර්යයන් සඳහා යොමු වීමට ඉඩ ලැබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස චිත්‍ර ඇඳීම, පිළිම සෑදීම, සංගීතය වැනි අංශ කෙරෙහි යොමු වී ඇත.

ගොවි තැනටත් සත්ත්ව පාලනයටත් යොමු වීම නිසා මිනිසාට ශිෂ්ටාචාරයක් ගොඩනැගීමේ හැකියාව ලැබුණි.


ලෝකයේ ජීවත් වන විවිධ මානව වර්ග

වර්තමානයේ දක්නට ලැබෙන පක්ෂීන්, උරගයින්, මත්ස්‍යයින්, කෘමින්, පණුවන්, සන්ධිපාදකයින්, ක්ෂීරපායින් මෙන්ම මිනිසාද ආරම්භ වූයේ එකම තැනකින් ය.මිනිසාද ඒ සත්ත්වයින් අතර තවත් සත්ත්වයෙකි. වානරයාගේ සිට හෝමෝසාපියන් දක්වා මිනිසා පරිණාමය වී ඇත.

පරිසර තත්ත්ව හේතු කොටගෙන හෝමෝසාපියන් වර්ගයේද විවිධ ප්‍රදේශ වල විවිධ ස්වරූපයේ මානව වර්ග ජීවත් වේ.මේ හේතුවෙන් හෝමෝසාපියන් මිනිසා වර්ග හතරකට වෙන් කර ඇත.

  1. කොකසොයිඩ්


  2. නීග්‍රොයිඩ්
  3. ඔස්ට්‍රලොයිඩ්‍
  4. මොන්ගොලොයිඩ



Post a Comment

0 Comments